අද තරමක තද වැසි

අද තරමක තද වැසි

ප්‍රදේශ කිහිපයකට අද (26) තරමක තදවැසිය ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සබරගමුව වයඹ මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හිටෙන් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 50 තරමක තද වැසි ඇති විය හැකිය.

ඌව සහ නැගෙනහිර පළාත් වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මල්

 

Share This