සටන් විරාම උල්ලංඝනය කිරීම ගැන ඊශ්‍රායලය ගත් තීරණය

සටන් විරාම උල්ලංඝනය කිරීම ගැන ඊශ්‍රායලය ගත් තීරණය

ඇමරිකානු ජනාධිපති යෝජනා කළ සටන් විරාම ගිවිසුම කඩ කරමින් ඉරානය ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට බැලැස්ටික් මිසයිල්ල දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාලසීමාවේදී ඉරානය විසින් මේ ලෙස ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ සටන් ගිවිසුම උල්ලංඝනය කර ඇති ඉරානයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි.

ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව බලගතු ප්‍රතිචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රාලා හමුදාවට උපදෙස් ලබා දී ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත.

චන්දන ලක්මාල්

Share This